එක්සත් අරාබිය එමීර් රාජ්‍යයේ ඩුබායි වරායේ නැංගුරම්ලා තිබූ කුවේට් රාජ්‍යයට අයත් දැවැන්ත ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් නෞකාව ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ “අල් සල්මි” නෞකාව තුළ සම්පූර්ණයෙන්ම ඉන්ධන ගබඩා කර තිබූ බව විදෙස් වාර්තා පවසනවා.
එම අවස්ථාවේ දී නැවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනාම මේ වනවිට ආරක්ෂිතව පසුවන බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙම ප්‍රහාරයත් සමඟ නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණ ද, මෙතෙක් එවැනි තත්ත්වයක් වාර්තා වී නොමැති බවයි බ්‍රිතාන්‍ය සමුද්‍රීය නිරීක්ෂණ සංවිධානය සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
1
+1













