ඩීසල් මිල අඩු වුනත් ගාස්තු සංශෝධනයක් නැහැ – පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් මිල රුපියල් හයකින් අඩු වුවත් ගාස්තු සංශෝධනයක් සිදුනොකරන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසනවා.

අමතර කොටස්, ලීසිතෙල්, බැටරි, ටයර්, රක්ෂණ සහතික, ආදායම් බලපත්‍ර, යෝග්‍යතා දුම් සහතික ලබාගැනීමට ඉහළ පිරිවැයක් දැරීමට සිදුව තිබීම හේතුවෙන් ඩීසල් මිල අඩු වුවද ගාස්තු සංශෝධනයක් සිදුනොකරන බවයි එම සංගමය සඳහන් කළේ.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ එළෙඹෙන මාසයේ දී සිදුකරන ඉන්ධන මිල සංශෝධනයේ දී ඩීසල් මිලේ අඩුවීමක් සිදුවුවහොත් සිය සේවා ගාස්තු අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කළ අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 06කින් අඩුකරනු ලැබුවා.

එමෙන්ම ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් අඩු කිරීමටයි කටයුතු කළේ.

කෙසේ වෙතත් පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දුන්නේ.

මේ අතර ලංකා අයි.ඕ.සී සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනය අනුව ඉන්ධන මිල ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?