AFC Banner
AFC Banner
Empty Ad

ඩීසල් අඩු වුණත් බස් ගාස්තුවේ අඩුවක් නැහැ

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ඉන්ධන මිල සංශෝධනය බස් ගාස්තුවට බලපෑමක් ඇති නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ, අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30.00කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00කින් පහළ ගියත් බස් ගාස්තුවේ පහළ යෑමක් සිදු නොවන බවයි සභාපතිවරයා කියා සිටියේ.

අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය මාස 02ක කාලය තුළ රුපියල් 27ක පාඩුවක් යටතේ බස් ධාවනය කිරීමට සිදු වූ බවයි.

මේ අතර මෙම වසරේ ජුලි මාසයේ දී සිදුකරන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී බස් ගාස්තු අඩු කිරීමක් සම්බන්ධයෙන්වන සකලා බැලීම සිදුකළ හැකි බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?