ඩීසල් අඩු වුණත් බස් ගාස්තුවේ අඩුවක් නැහැ

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ඉන්ධන මිල සංශෝධනය බස් ගාස්තුවට බලපෑමක් ඇති නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ, අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30.00කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00කින් පහළ ගියත් බස් ගාස්තුවේ පහළ යෑමක් සිදු නොවන බවයි සභාපතිවරයා කියා සිටියේ.

අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය මාස 02ක කාලය තුළ රුපියල් 27ක පාඩුවක් යටතේ බස් ධාවනය කිරීමට සිදු වූ බවයි.

මේ අතර මෙම වසරේ ජුලි මාසයේ දී සිදුකරන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේ දී බස් ගාස්තු අඩු කිරීමක් සම්බන්ධයෙන්වන සකලා බැලීම සිදුකළ හැකි බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31