ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ, අදාළ සැකකරු අද (03) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරුව 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය වෙත අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම මෙම අපරාධයේ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරියේ දී ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

කොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේ දී අදාළ සැකකරු ඊයේ (02) බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු, ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධියේ ද සැකකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.

52 හැවිරිදි බන්දුල පියල් නැමැති අදාළ පුද්ගලයා වෑබඩ, වෑබඩ උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඩෑන් ප්‍රියසාද් කොළොන්නාව, සාලමුල්ල මහල් නිවාස සංකීර්ණයේ දී පසුගිය අප්‍රේල් 22 වනදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?