ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු ලබන රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.

ලබන 30 වනදා දකවා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (25) මෙලෙස අවසරය ලබා දී ඇත්තේ.

මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙම සැකකරු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා මෙම සිද්ධියට සම්බන්ධ බවට පොලිසිය කරුණු දක්වන නමුත් ඔහු එම අපරාධයට සම්බන්ධ නොමැති බවයි.

මෙම සිද්ධියට අදාළ විමර්ශනවල තොරතුරු මාධ්‍යවලින් ප්‍රචාරයවීම බරපතල කාරණයක් බවත් ඒ තුළින් මෙහි සැබෑ සැකකරුවන් නීතියේ රැහැනින් බේරී යනු ඇතැයි ද නීතිඥවරයා සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා මෙම මස 30 දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයට එලෙස අවසර ලබාදෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?