ඩයනාගේ පෙත්සමේ විභාගය කල්යයි

සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට සමගි බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමේ විභාගය කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා

මෙම පෙත්සමය විභාගය අද ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැත්වීමට නියමිතව තිබුණා.

එහෙත් විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අසනීප තත්ත්වයකින් පසුවන හෙයින් පෙත්සම් විභාගය කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළා .

ඒ අනුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 09 වන්දා දක්වා කල් තැබීමටද අධිකරණය තීන්දු කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය සම්මත කිරීමට අදාළ ඡන්ද විමසීම පැවැති අවස්ථාවේදී එම සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම තුළින් පක්ෂයේ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් ඩයනා ගමගේ මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබුණා.

එම තීරණය නීතියට පටහැනි බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඩයනා ගමගේ මහත්මිය විසින් මෙම ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?