ඩක්වත් ලුවිස් න්‍යායය සොයාගත් අවසන් පුරුකත් අභාවප්‍රාප්ත වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ‘ඩක්වත් ලුවිස් න්‍යායය’ (Duckworth–Lewis–Stern method) හඳුන්වා දුන් සම නිර්මාණකරුවන් දෙපළගෙන් එක් අයෙකු වන ෆ්‍රෑන්ක් ඩක්වර්ත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මීට සිව් දිනකට (21) ඉහත දී ඩක්වත් මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි espncricinfo වෙබ් අඩවිය වාර්තා කළේ.

අභාවප්‍රාප්ත වන විට ඩක්වත් මහතා 84 හැවිරිදි වියෙහි පසුවුණා.

වර්ෂ 1939 දෙසැම්බර් මස 26 වැනි දින එංගලන්තයේ ලැන්කැෂයර් හි ලිතම් ශාන්ත ඈන්ස් හි දී උපත ලබන ඩක්වත් වෘත්තියෙන් සංඛ්‍යාලේඛන විද්‍යාඥයෙක් වුණා.

ෆ්‍රෑන්ක් ඩක්වත් සමග එක් ව ටොනී ලුවිස් Tony Lewis මෙම න්‍යායය සංඛ්‍යා විද්‍යාත්මක ක්‍රමවේදය පදනම් කරගනිමින් සොයා ගත්තා.

ඩක්වත් ලුවිස් න්‍යායය නිර්මාණයට ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සමග දායක වූ ටොනී ලුවිස් 2020 වර්ෂයේ අප්‍රේල් මස 02 වැනි දින අභාවප්‍රාප්ත වූයේ 78 වියෙහි පසුවන විටදියි.

ඉන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාවට ඩක්වත් ලුවිස් න්‍යායය හඳුන්වා දුන් නිර්මාතෘවරුන්ගෙන් ඉතිරිව සිටි එකම පුරුක වූයේ ද ෆ්‍රෑන්ක් ඩක්වත් පමණක් වන අතර ඔහු ද දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් සිටි අතර අද දිනයේ දී මෙලෙස අභාවප්‍රාප්ත ව තිබෙනවා.

වර්ෂ 1997 දී මෙම ඩක්වත් ලුවිස් න්‍යායය පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී භාවිත කෙරුණා.

වර්ෂාවෙන් පීඩාවට පත් වූ ක්‍රිකට් තරගවල ප්‍රතිඵල තීරණය කිරීම සඳහා ඩක්වර්ත් ලුවිස් ස්ටර්න් ක්‍රමය මේ වනවිට ද යොදා ගැනෙනවා.

මේ සොයා ගැනීමත් සමග ඩක්වත් සහ ලුවිස් යන දෙපොළට ම 2010 ජුනි මාසයේ දී MBE (Member of the Order of the British Empire) ප්‍රදානය කිරීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළා.

එක්දින, පන්දුවාර 20 තරගවල දී ඩක්වත් ලුවිස් න්‍යායය වැඩි වශයෙන් කණ්ඩායම්වල ජයග්‍රහණයන් මෙන් ම පරාජයන් තීරණය කිරීමට උපයෝගී වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
11
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47