ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉදිරියට

ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු නවතම අයි.සී.සී. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.පසුගියදා පැවති
බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල වෙනසක් සිදුවී තිබෙනවා

ඇන්ජලෝ මැතිව්ස්, ස්ථාන හයකින් ඉදිරියට පැමිණ මේ වනවිට ශ්‍රේණි ගත කිරීම්වල 15 වන ස්ථානයේ පසුවන අතර, දිනේෂ් චන්දිමාල් ස්ථාන 9 කින් ඉදිරියට පැමිණ 44 වන ස්ථානයේ පසුවනවා. පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල කසුන් රාජිත ස්ථාන 17කින් ඉදිරියට පැමිණ ඇති අතර, අසිත ප්‍රනාන්දු ස්ථාන 44 කින් ඉදිරියට පැමිණ මේ වනවිට 52 වන ස්ථානයේ පසුවනවා.