ටෙස්ට් පිටියට ආ කෝඩුකාරයා කොදෙව්වන් 27 වසරක් සෙවූ ජයක් උරුමකර දෙයි

ජගත් ටෙස්ට් පිටියට කෝඩුකාරයෙක් වූ ෂමර් ජෝශප්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ වසර 27කට පසු ඕස්ට්‍ර්ලියාවේ දී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අද (28) හැකියාව ලැබුණා.

ඒ, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ලකුණු 08 කින් ජයගැනීමට හැකිවීමත් සමඟයි.

බ්‍රිස්බේන් හිදී පැවති මෙම ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 311ක්.

ඊට පිළිතුරු වශයෙන් සත්කාරක ඕස්ට්‍ර්ලියාව කඩුලු 09ක් දැවී ලකුණු 289ක් රැස්කරගෙන සිටිය දී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

අනතුරුව ලකුණු 22ක වාසියක් ද සමඟ සිය දෙවන ඉනිම ඇරඹු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් සියල්ලන් දැවී ලකුණු 193ක් දෙවන ඉනිමේ පුවරුවට එක් කළා.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ඕස්ට්‍ර්ලියාවට හිමි වූ ඉලක්කය ලකුණු 215ක්.

එම ඉලක්කය හඹා ගිය ඕස්ට්‍ර්ලියානුවන්ගේ දෙවන ඉනිම තරගයේ සිව්වන දිනය වූ අද (28) දිනයේ දී ලකුණු 207කට සීමා කරන්නට කොදෙව් පන්දු බලඇණිය සමත් වුණා.

එහිදී සිය දෙවන ජාත්‍යන්තර ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ 24 හැවිරිදි ෂමර් ජෝශප් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම සුනු විසුණු කළේ කඩුලු 07ක් බිඳ දමමින්.

ෂමර් ජෝශප් මෙම තරගයේ දී ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ ද එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවති මෙම තරගය කොදෙව්වන්ට වසර 27කට පසු අමතක නොවන ජයග්‍රහණයක් බවට පත්කර දෙන්නට මෙම යොවුන් වේග පන්දු යවන්නාට හැකියාව ලැබුණා.

තරගයේ වීරයා සම්මානය සහ තරග දෙකකින් සමන්විත තරගාවලියේ වීරයා සම්මානය ද මෙහිදී ෂමර් ජෝශප් විසින් හිමිකර ගත්තා.

තරග දෙකින් සමන්විත තරගාවලියේ පළමු තරගය ඕස්ට්‍රේලියාව ජයගත් අතර, ඒ අනුව තරගාවලිය එකට එකක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
3
+1
28
+1
8
+1
1
+1
6
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?