ටෙස්ට් පිටියට ආ කෝඩුකාරයා කොදෙව්වන් 27 වසරක් සෙවූ ජයක් උරුමකර දෙයි

ජගත් ටෙස්ට් පිටියට කෝඩුකාරයෙක් වූ ෂමර් ජෝශප්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ වසර 27කට පසු ඕස්ට්‍ර්ලියාවේ දී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අද (28) හැකියාව ලැබුණා.

ඒ, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ලකුණු 08 කින් ජයගැනීමට හැකිවීමත් සමඟයි.

බ්‍රිස්බේන් හිදී පැවති මෙම ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 311ක්.

ඊට පිළිතුරු වශයෙන් සත්කාරක ඕස්ට්‍ර්ලියාව කඩුලු 09ක් දැවී ලකුණු 289ක් රැස්කරගෙන සිටිය දී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

අනතුරුව ලකුණු 22ක වාසියක් ද සමඟ සිය දෙවන ඉනිම ඇරඹු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් සියල්ලන් දැවී ලකුණු 193ක් දෙවන ඉනිමේ පුවරුවට එක් කළා.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ඕස්ට්‍ර්ලියාවට හිමි වූ ඉලක්කය ලකුණු 215ක්.

එම ඉලක්කය හඹා ගිය ඕස්ට්‍ර්ලියානුවන්ගේ දෙවන ඉනිම තරගයේ සිව්වන දිනය වූ අද (28) දිනයේ දී ලකුණු 207කට සීමා කරන්නට කොදෙව් පන්දු බලඇණිය සමත් වුණා.

එහිදී සිය දෙවන ජාත්‍යන්තර ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ 24 හැවිරිදි ෂමර් ජෝශප් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම සුනු විසුණු කළේ කඩුලු 07ක් බිඳ දමමින්.

ෂමර් ජෝශප් මෙම තරගයේ දී ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ ද එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවති මෙම තරගය කොදෙව්වන්ට වසර 27කට පසු අමතක නොවන ජයග්‍රහණයක් බවට පත්කර දෙන්නට මෙම යොවුන් වේග පන්දු යවන්නාට හැකියාව ලැබුණා.

තරගයේ වීරයා සම්මානය සහ තරග දෙකකින් සමන්විත තරගාවලියේ වීරයා සම්මානය ද මෙහිදී ෂමර් ජෝශප් විසින් හිමිකර ගත්තා.

තරග දෙකින් සමන්විත තරගාවලියේ පළමු තරගය ඕස්ට්‍රේලියාව ජයගත් අතර, ඒ අනුව තරගාවලිය එකට එකක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16