ටිබටයේ ප්‍රශ්න විසඳන්න ඇමෙරිකාවෙන් පනතක්

එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටුවේ රිපබ්ලිකන් සභාපති මයිකල් මැකෝල් ඇතුළු එක්සත් ජනපද දූත පිරිසක් ධරම්ශාලා වෙත පැමිණ ටිබෙට් නියෝජිතයන් සමග සාකච්ඡාවක නිරත වුණා.

පසුගිය දා ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද ‘ටිබෙට් විසඳීමේ පනත – Resolve Tibet Act’ අත්සන් කිරීමේ ජනාධිපති ජෝ බයිඩන්ගේ අභිප්‍රාය ඔවුන් තහවුරු කළ බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරනවා.

ධරම්ශාලා වෙත පැමිණි ඇමෙරිකානු දූත පිරිස මධ්‍යම ටිබෙට් පරිපාලනයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබුවා.

එක්සත් ජනපද දූත පිරිස ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන් ද හමු වී සාකච්ඡාවල නිරත වුණා.

Resolve Tibet පනත බීජිනයෙන් ඉල්ලා සිටින්නේ ටිබෙට් නායකයන් සමග ඔවුන්ගේ පාලන ආරවුල සාමකාමීව විසඳා ගැනීම සඳහා චීනයට නැවත සම්බන්ධ වන ලෙසයි.

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ‘ටිබෙට් ආරවුල් විසඳීම’ පනත් කෙටුම්පත සම්මත කර ඇති අතර, එය නීතියක් බවට පත්වීම සඳහා අත්සන් කිරීම සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත දැන් යොමු වී ඇති බව රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කළා.

මයිකල් මැකෝල් ධරම්ශාලා හි දී මහත් විශ්වාසයෙන් මාධ්‍ය වෙත පැවසුවේ ජනාධිපති බයිඩන් ඊට අත්සන් තබනු ඇති බවයි.

ටිබෙටය පුරාණ කාලයේ සිට ම චීනයේ කොටසක් බවට බෙයිජිං හි ස්ථාවරය ප්‍රතික්ෂේප කරන මෙම ව්‍යවස්ථාව “ටිබෙටයේ ඉතිහාසය, ටිබෙට් ජනතාව සහ දලයි ලාමාගේ ඉතිහාසය ඇතුළු ටිබෙට් ආයතන පිළිබඳ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම නවත්වන ලෙස” චීනයෙන් ඉල්ලා සිටිනවා.

ටිබෙටයේ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා සහ අනෙකුත් ටිබෙට් නායකයන් සමඟ ටිබෙටය පාලනය වන ආකාරය පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන ලෙස එමගින් චීනයෙන් ඉල්ලා සිටිනවා.

2010 වසරෙන් පසු දෙපාර්ශ්වය අතර විධිමත් සාකච්ඡාවක් සිදු වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?