AFC Banner
AFC Banner
Empty Ad

ට්‍රම්ප් බලයට පත්වීමේ ආසියාතික නායකයින්ගේ සතුට ගැන හෙළිදරවුවක්

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වීම සම්බන්ධයෙන් ආසියා – පැසිෆික් කලාපයේ නායකයි බොහොමයක් සිය ප්‍රශංසාව ලබා දී තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ ට්‍රම්ප් බලයට පැමිණීම ආසියා – පැසිෆික් කලාපීය නායකයින් දකින්නේ එය කලාපයේ ස්ථාවරත්වයට මෙන් ම ආරක්ෂාවට මහත් ශක්තියක් වනු ඇති බවයි.

මේ වනවිටත් කලාපය වටා ප්‍රශ්න එනම් යුදමය වාතාවරණයක් හටගෙන ඇති බැවින් ට්‍රම්ප්ගේ ආගමනය අතිශයින්ම වැදගත් වනු ඇති බවයි බොහෝ නායකයින් විශ්වාසය පළ කරන්නේ.

චීන ජනාධිපති ෂී ජින්පිං පවසන්නේ සුපිරි බලවතුන් ‘එකතු විය යුතු’ බවයි.

ඉන්දුනීසියාවේ ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ එක්සත් ජනපද සබඳතාවල ‘ඉමහත් ශක්තිය’ අගය කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස නැවත තේරී පත්වීමෙන් පසු ආසියා – පැසිෆික් නායකයින් ඔහු සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා සිය මාධ්‍යයට පවසා ඇත්තේ; ”සටන ජයගත් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට සහ “ජපාන – එක්සත් ජනපද සන්ධානය සහ ජපාන – එක්සත් ජනපද සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒම” සිය අපේක්ෂ බවයි.

සමාජ මාධ්‍යවල, තායිවාන ජනාධිපති William Lai Ching-te සහ දකුණු කොරියානු ජනාධිපති Yoon Suk-yeol ද එක්සත් ජනපදය සමඟ ශක්තිමත් සන්ධානයක් සහ “දීප්තිමත් අනාගතයක්” සඳහා ඔවුන්ගේ බලාපොරොත්තුව අදහස් පළ කර තිබෙනවා.

ඔස්ට්‍රෙලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් ද සිය රට සහ එක්සත් ජනපදය අනාගතය සකසා ගන්නා “මහා මිතුරන් සහ ශ්‍රේෂ්ඨ සගයන්” බවටයි.

අසාධාරණ ව්‍යාපාරික පිළිවෙත් මත ආනයන තීරුබදු පැනවීමට චීනයට පහරදීමේ ප්‍රචාරක පොරොන්දුව නොතකා, චීන ජනාධිපති ෂී ජින්පිං පවා ට්‍රම්ප්ට ධනාත්මක ප්‍රතිචාර ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් කර තිබෙනවා.

එක්සත් ජනපදයට සහ චීනයට “එකතු වීමට නිවැරදි මාර්ගය” සොයාගත හැකි බව තමා විශ්වාස කරන බවයි ෂී ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?