ට්‍රම්ප් බලයට පත්වීමේ ආසියාතික නායකයින්ගේ සතුට ගැන හෙළිදරවුවක්

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වීම සම්බන්ධයෙන් ආසියා – පැසිෆික් කලාපයේ නායකයි බොහොමයක් සිය ප්‍රශංසාව ලබා දී තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ ට්‍රම්ප් බලයට පැමිණීම ආසියා – පැසිෆික් කලාපීය නායකයින් දකින්නේ එය කලාපයේ ස්ථාවරත්වයට මෙන් ම ආරක්ෂාවට මහත් ශක්තියක් වනු ඇති බවයි.

මේ වනවිටත් කලාපය වටා ප්‍රශ්න එනම් යුදමය වාතාවරණයක් හටගෙන ඇති බැවින් ට්‍රම්ප්ගේ ආගමනය අතිශයින්ම වැදගත් වනු ඇති බවයි බොහෝ නායකයින් විශ්වාසය පළ කරන්නේ.

චීන ජනාධිපති ෂී ජින්පිං පවසන්නේ සුපිරි බලවතුන් ‘එකතු විය යුතු’ බවයි.

ඉන්දුනීසියාවේ ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්ටෝ එක්සත් ජනපද සබඳතාවල ‘ඉමහත් ශක්තිය’ අගය කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස නැවත තේරී පත්වීමෙන් පසු ආසියා – පැසිෆික් නායකයින් ඔහු සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා සිය මාධ්‍යයට පවසා ඇත්තේ; ”සටන ජයගත් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට සහ “ජපාන – එක්සත් ජනපද සන්ධානය සහ ජපාන – එක්සත් ජනපද සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒම” සිය අපේක්ෂ බවයි.

සමාජ මාධ්‍යවල, තායිවාන ජනාධිපති William Lai Ching-te සහ දකුණු කොරියානු ජනාධිපති Yoon Suk-yeol ද එක්සත් ජනපදය සමඟ ශක්තිමත් සන්ධානයක් සහ “දීප්තිමත් අනාගතයක්” සඳහා ඔවුන්ගේ බලාපොරොත්තුව අදහස් පළ කර තිබෙනවා.

ඔස්ට්‍රෙලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් ද සිය රට සහ එක්සත් ජනපදය අනාගතය සකසා ගන්නා “මහා මිතුරන් සහ ශ්‍රේෂ්ඨ සගයන්” බවටයි.

අසාධාරණ ව්‍යාපාරික පිළිවෙත් මත ආනයන තීරුබදු පැනවීමට චීනයට පහරදීමේ ප්‍රචාරක පොරොන්දුව නොතකා, චීන ජනාධිපති ෂී ජින්පිං පවා ට්‍රම්ප්ට ධනාත්මක ප්‍රතිචාර ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් එක් කර තිබෙනවා.

එක්සත් ජනපදයට සහ චීනයට “එකතු වීමට නිවැරදි මාර්ගය” සොයාගත හැකි බව තමා විශ්වාස කරන බවයි ෂී ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07