Empty Ad
AFC Banner
Empty Ad

ට්‍රම්ප්ගේ ගෙරවිලි මැද ඉන්දියාව සහ පැනමා අතර ගිවිසුමක්

ඉන්දියාව සහ පැනමාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරනවා.

චීනයේ මැදිහත්වීම උපුටා දක්වමින් පැනමා ඇළ සඳහා අමෙරිකාවේ හිමිකම් පෑම සම්බන්ධයෙන් ආතතීන් වැඩිවෙමින් පවතින පසුබිමක ඉන්දියාව මෙම අවබෝධතා ගිවිසුමට එළඹ ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

අවබෝධතා ගිවිසුම හරහා භෞතික යටිතල පහසුකම්, මාර්ග සහ ප්‍රජා මධ්‍යස්ථාන මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ සනීපාරක්ෂාව ඇතුළු සමාජ යටිතල පහසුකම් වැනි ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පැනමා, කොස්ටාරිකාව සහ නිකරගුවාවේ ඉන්දීය තානාපතිවරයා සහ පැනමා විදේශ අමාත්‍යවරයායි.

ඉන්දියාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ හරහා පැනමාවේ ජනතාවට අංශ රැසක් ඔස්සේ ප්‍රතිලාභ හිමිවෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?