Empty Ad
AFC Banner
Empty Ad

ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට තර්ජනයක් – සිකුරාදා දහවල් 12 වෙනකල් කල් දෙයි

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් එකවර නිදහස් කළ යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සංවිධානය වේට දැනුම් දී තිබෙනවා.

එළඹෙන සිකුරාදා දහවල් 12.00 වන විට එම සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.

එසේ නිදහස් නොකළහොත් ජනවාරි 19 සිට ක්‍රියාත්මක වන සටන් විරාමය අවලංගු කරන බවට ද ඔහු අනතුරු අඟවා තිබෙනවා.

ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් කුඩා කණ්ඩායම් වශයෙන් නොව සියලුම දෙනාම එකවර නිදහස් කළ යුතු බවයි.

එමෙන්ම තමා යෝජනා කළ කාලරාමුව පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ යළිත් සාකච්ඡා කරන බවයි ට්‍රම්ප් පැවසුවේ.

හමස් සංවිධානය සිදුකළ මෙම තර්ජනයට හේතුව කුමක්දැයි ට්‍රම්ප් විස්තර නොකළ අතර, ඊට හේතුව හමාස් සංවිධානය සොයාගනු ඇති බවයි ඔහු වැඩිදුරත් පවසා සිටියේ.

මේ අතර එක්සත් ජනපදය ගාසා “අත්පත් කර ගැනීම” සඳහා වූ ඔහුගේ මතභේදාත්මක සැලැස්ම යටතේ පලස්තීනුවන් භාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත් මිත්‍ර පාක්ෂික ජෝර්දානය සහ ඊජිප්තුව සඳහා ආධාර නතර කරන බවට ද ට්‍රම්ප් ජනාධිපතිවරයා තර්ජනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?