ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට තර්ජනයක් – සිකුරාදා දහවල් 12 වෙනකල් කල් දෙයි

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් එකවර නිදහස් කළ යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සංවිධානය වේට දැනුම් දී තිබෙනවා.

එළඹෙන සිකුරාදා දහවල් 12.00 වන විට එම සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ.

එසේ නිදහස් නොකළහොත් ජනවාරි 19 සිට ක්‍රියාත්මක වන සටන් විරාමය අවලංගු කරන බවට ද ඔහු අනතුරු අඟවා තිබෙනවා.

ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් කුඩා කණ්ඩායම් වශයෙන් නොව සියලුම දෙනාම එකවර නිදහස් කළ යුතු බවයි.

එමෙන්ම තමා යෝජනා කළ කාලරාමුව පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ යළිත් සාකච්ඡා කරන බවයි ට්‍රම්ප් පැවසුවේ.

හමස් සංවිධානය සිදුකළ මෙම තර්ජනයට හේතුව කුමක්දැයි ට්‍රම්ප් විස්තර නොකළ අතර, ඊට හේතුව හමාස් සංවිධානය සොයාගනු ඇති බවයි ඔහු වැඩිදුරත් පවසා සිටියේ.

මේ අතර එක්සත් ජනපදය ගාසා “අත්පත් කර ගැනීම” සඳහා වූ ඔහුගේ මතභේදාත්මක සැලැස්ම යටතේ පලස්තීනුවන් භාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත් මිත්‍ර පාක්ෂික ජෝර්දානය සහ ඊජිප්තුව සඳහා ආධාර නතර කරන බවට ද ට්‍රම්ප් ජනාධිපතිවරයා තර්ජනය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32