ඥානක්කගේ නිවස හාදෙවොල රැක ගන්න පොලිසියෙන් 20ක්

අනුරාධපුරයේ පිහිටි ‘ඥානක්කා’ගේ නිවසට සහ ඇයගේ දේවාලයට පොලිස් නිලධාරින් 20 කට අධික ප්‍රමාණයක් ආරක්ෂාව සඳහා යොදවා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. දිවා රාත්‍රී සේවා මුරයන් ක්‍රමයට එම නිලධාරින් යොදවා ඇතැයි ද ඔවුහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ උතුරු මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කැඳවූ බුද්ධි වාර්තා අනුව කලහකාරී සිදුවීම්වලින් තර්ජන විය හැකි ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව එම ස්ථානවලට ආරක්ෂාව සපයා ඇති බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?