ජොනීට ඇප (වීඩියෝ)

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දී තිබෙනවා.

අද (30) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි මෙම තීරණය හිමිවුණේ.

රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 05ක් මතයි හිටපු අමාත්‍යවරයා නිදහස් කර ඇත්තේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය වන තනූජා ලක්මාලි මහත්මිය විසින් අදාළ නියෝගය නිකුත් කරමින් සඳහන් කළේ; ඇප ලබා ගැනීමෙන් අනතුරුව මහාධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටයි.

එමෙන්ම මෙම නඩුව යළි පෙබරවාරි මස 05 වැනිදා කැඳවන ලෙසට ද නියෝග කෙරුණා.

චූදිත ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට පැවසුවේ; සිය සේවාදායකයා සිදු කර ඇති වරද මෝටර් රථ ප්‍රවාහන පනතට අනුව ඇප ලබාදීම සිදු කළ හැකි වරදක් බවත්; එබැවින් ඕනෑම ඇප කොන්දේසියක් පනවා ඔහුව ඇප මත මුදා හරින ලෙසටයි.

එමෙන්ම සිය සේවාදායකයා නමින් තිබෙන බවට පැවසෙන තරු පහේ හෝටල් සංකීර්ණයක ගාල් කර තිබූ අධි සුඛෝපභෝගී මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකිරීමේ චෝදනාව ඔහුට එල්ල ව තිබුණ ද; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය සේවාදායකයාව සලකනු ලබන්නේ දැවැන්ත අපරාධයක් සිදු කළ තැනැත්තෙකු ලෙසින් බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ.

නීතිය ඉදිරියේ සැම දෙනා සමාන කළ යුතු බැවින් එලෙස සිදු නොකරන ලෙසට ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉල්ලා සිටියා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ කිසිදු ලෙසකින් ඇප නියම නොකරන ලෙසටත් තවමත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අවසන් ව නැති බවයි.

නමුත් කොටුව මහේස්ත්‍රාත්වරිය අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හට ශරීර ඇප 05ක් යටතේ ඇප නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?