ජොනීට ඇප (වීඩියෝ)

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දී තිබෙනවා.

අද (30) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි මෙම තීරණය හිමිවුණේ.

රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 05ක් මතයි හිටපු අමාත්‍යවරයා නිදහස් කර ඇත්තේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය වන තනූජා ලක්මාලි මහත්මිය විසින් අදාළ නියෝගය නිකුත් කරමින් සඳහන් කළේ; ඇප ලබා ගැනීමෙන් අනතුරුව මහාධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටයි.

එමෙන්ම මෙම නඩුව යළි පෙබරවාරි මස 05 වැනිදා කැඳවන ලෙසට ද නියෝග කෙරුණා.

චූදිත ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට පැවසුවේ; සිය සේවාදායකයා සිදු කර ඇති වරද මෝටර් රථ ප්‍රවාහන පනතට අනුව ඇප ලබාදීම සිදු කළ හැකි වරදක් බවත්; එබැවින් ඕනෑම ඇප කොන්දේසියක් පනවා ඔහුව ඇප මත මුදා හරින ලෙසටයි.

එමෙන්ම සිය සේවාදායකයා නමින් තිබෙන බවට පැවසෙන තරු පහේ හෝටල් සංකීර්ණයක ගාල් කර තිබූ අධි සුඛෝපභෝගී මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකිරීමේ චෝදනාව ඔහුට එල්ල ව තිබුණ ද; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය සේවාදායකයාව සලකනු ලබන්නේ දැවැන්ත අපරාධයක් සිදු කළ තැනැත්තෙකු ලෙසින් බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ.

නීතිය ඉදිරියේ සැම දෙනා සමාන කළ යුතු බැවින් එලෙස සිදු නොකරන ලෙසට ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉල්ලා සිටියා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ කිසිදු ලෙසකින් ඇප නියම නොකරන ලෙසටත් තවමත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු අවසන් ව නැති බවයි.

නමුත් කොටුව මහේස්ත්‍රාත්වරිය අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හට ශරීර ඇප 05ක් යටතේ ඇප නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14