ජොනිගේ තලංගම නිවසත් ගිනි ජාලාවක් වෙයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ තලංගම වැව පාරේ පිහිටි නිවස (10) ඊයේ පස්වරුවේ දී පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇත.

ගින්නෙන් මුළු නිවසම විනාශ වී ඇති අතර එහි සිටි බල්ලන් දෙදෙනෙකු සහ කුකුළු සහ ිවසේ තිබූ ගෑස් සිලින්ඩරයක් සහ මයික්‍රෝවේ අවන් එකක් පැමිණ සිටි පිරිස් ඉතින් සොරා ගෙන ඇති බව එහි සිටි පුද්ගලයකු ප්‍රකාශ කළා.

ගිනි තැබීම සඳහා දෙපිරිසක් වෙලාවල් දෙකක දී පැමිණ ගිනිතැබීම සිදුකර මංකොල්ලකෑම සිදුකළ ඇති බව ඔහු කියා සිටියා