ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා වන ක්‍රියාමාර්ග සක්‍රීය කිරීමට ඉන්දියාව මුදල් ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවේ දී (COP16) ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා යාවත්කාලීන කරන ලද ජාතික සැලැස්ම ඉන්දීය රජය ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය කිර්ති වර්ධන සිං මහතා පවසනවා.

එමෙන්ම කැලි හි පැවති එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවේ දී ඉන්දියාව සිය ජාතික ජෛව විවිධත්ව ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර අරමුදල් ඉල්ලා ඇති බවත් වාර්තා වනවා.

පෙරේදා දිනයේ දී COP16 හි දී ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඉන්දීය පාරිසරික අමාත්‍යවරයා ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ගය සහ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සම්පත් ඇතුළුව ක්‍රියාත්මක කිරීමේ මාධ්‍යයන් සැපයීමේ අවශ්‍යතාව අවධාරණය කළ බවයි වාර්තා වන්නේ.

කුන්මිං-මොන්ට්‍රියල් ගෝලීය ජෛව විවිධත්ව රාමුව සමඟ සමපාත වන ඉලක්ක සමඟ ඉන්දියාව සිය ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලැස්ම යාවත්කාලීන කර ඇති බවයි පැවසෙන්නේ.

1992 දී සම්මත කරන ලද ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතිය (CBD), ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම, එහි තිරසාර භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ ජාන සම්පත් ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදා ගැනීම සහතික කිරීම අරමුණ වනු ඇති.

මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා, CBD විසින් ජාතික ප්‍රමුඛතා මත පදනම්ව ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සකස් කරන ලද රාමුවක් වන ජාතික ජෛව විවිධත්ව උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලැස්ම (NBSAP) සංවර්ධනය කිරීමට සෑම සාමාජික රටක්ම අවශ්‍ය කරන බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?