ජෙරොම් ප්‍රනාන්දු පෙත්සම ඉල්ලා අස්කර ගනී

බුදු දහම ඇතුළු අන්‍යාගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම ඔහුගේ නීතිඥවරු විසින් අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ නව පෙත්සමක් ගොනු කිරීමේ අයිතිවාසිකම රඳවා ගනිමින් වර්තමානයේ ගොනු කර තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසටයි.

මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම පිළිබඳව විරුද්ධ නොවන නමුදු නව පෙත්සමක් ගොනු කිරිම සඳහා කරනු ලබන ඉල්ලීමට දැඩි විරෝධය පළ කරන බව නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා සඳහන් කළා. ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමටද තීන්දු කරනු ලැබුවා.

මෙම පෙත්සම මීට පෙර සලකා බැලූ අවස්ථාවේ දී එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා විසින් මූලික විරෝධතා ද මතු කර තිබුණා.

මෙම දේවගැතිවරයාට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ ද විමර්ශන සිදුකරන බව එහිදී ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තවත් විමර්ශනයක් සිදුකරන බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මෙම පෙත්සම හරහා දේවගැතිවරයා කරුණු සැඟවීමක් ද සිදුකර තිබෙන හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර ලෙසත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, බෙංගමුවේ නාලක ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර ලෙස මීට පෙර මූලික විරෝධතා මතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
15
+1
1
+1
3
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?