අද උදෑසන ජෙරුසලමේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම ප්‍රහාරයෙන් තවත් 12 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
මේ අතර මෙම මාරාන්තික ප්‍රහාරයෙන් පසු හමාස් සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති පසුබිමක හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ප්‍රහාරකයන්ගේ ක්‍රියාවන්ට තම සංවිධානය ප්‍රශංසා කරන බවයි.
මෙම ප්‍රහාරය ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාකාරකම් වලට ස්වාභාවික ප්‍රතිචාරයක් ලෙස හඳුන්වන බවයි හමාස් සංවිධානය සඳහන් කරන්නේ.
මේ අතර ප්‍රහාරයෙන් පසු අදාළ ස්ථානයට පැමිණි අගමැති බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍යවේදීන්ට සඳහන් කළේ න්දිතයින්ගේ පවුල්වලට සිය ශෝකය පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.
එමෙන්ම ආරක්ෂක අංශ මේ වන විට ප්‍රහාරකයින් දෙදෙනා පැමිණි ගම්මාන ගොස් වට කරමින් සිටින බව ඔහු පැවසුවා.





