ජෙරුසලමේ ප්‍රහාරයෙන් පසු හමාස් සංවිධානයෙන් විශේෂ නිවේදනයක්

අද උදෑසන ජෙරුසලමේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම ප්‍රහාරයෙන් තවත් 12 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

මේ අතර මෙම මාරාන්තික ප්‍රහාරයෙන් පසු හමාස් සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති පසුබිමක හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ප්‍රහාරකයන්ගේ ක්‍රියාවන්ට තම සංවිධානය ප්‍රශංසා කරන බවයි.

මෙම ප්‍රහාරය ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාකාරකම් වලට ස්වාභාවික ප්‍රතිචාරයක් ලෙස හඳුන්වන බවයි හමාස් සංවිධානය සඳහන් කරන්නේ.

මේ අතර ප්‍රහාරයෙන් පසු අදාළ ස්ථානයට පැමිණි අගමැති බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍යවේදීන්ට සඳහන් කළේ න්දිතයින්ගේ පවුල්වලට සිය ශෝකය පළ කළ අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි.

එමෙන්ම ආරක්ෂක අංශ මේ වන විට ප්‍රහාරකයින් දෙදෙනා පැමිණි ගම්මාන ගොස් වට කරමින් සිටින බව ඔහු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04