ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්

අද දහවල් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගැනුණු ඔහු ඉදිරිපත් කෙරුණේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවටයි.

ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් සැකකරුට අද දිනයේද යළිත් පැමිණෙන ලෙසට දැනුම්දී තිබුණා. ඒ අනුව අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්ව සිටින සැකකරු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

චෝදනා එල්ලවී සිටින දේවගැතිවරයා විදෙස් ගතව සිට පෙරේදා (29) දිනයේයි දිවයිනට පැමිණියේ.

ඊට පෙර අභියාචනාධිකරණය ඔහුට නියෝග කර තිබුනේ දිවයිනට පැමිණීමෙන් පසු පැය 48ක කාලයක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදිය යුතු බවටයි.

අදාළ නියෝගයට අනුව ඔහු ඊයේ (30) දින එම විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා.

පැය අටක පමණ කාලයක් එක ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබා දුන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අද (01) දිනයේදීත් ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් කැඳවීම් ලැබ තිබුණා.

ඒ, අනුව අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඔහු අත්අඩංගුවට ගැනීමයි එහි නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29