ජීව අත් බෝම්බයක් සමග ඇල්ලූ සැකකරු හදිසියේ රෝගී වෙලා

විදේශීය රටක නිෂ්දිත ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ව මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ඊයේ (13) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණු බවයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු නාත්තන්ඩිය – අශෝකපුර පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

සැකකරුට ස්ථීර රැකියාවක් නොමැති බවත්, ඔහු කුලී පදනම මත විවිධ කටයුතුවල නිරත වී ජීවිකාව කරගෙන ගිය අයෙකු බව ද පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රෝගී තත්ත්වයට පත්ව ඇති සැකකරු ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව යටතේ මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?