ජීවිත දෙකක් බිලිගත් අනතුරු

වැලිගම පොලිස් වසමේ, දක්ෂිණ අධිවේග මාර්ගයේ දී සිදුවූ ටිපර් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගාල්ල දෙස සිට බරවකුඹුක දෙසට ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව දක්ෂිණ අධිවේග මාර්ගයේ දකුණු පස ආරක්ෂක වැටේ ගැටී පෙරළීගොස් ඊයේ (09) එම අනතුර සිදුව ඇත.

අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබූ ටිපර් රථ රියදුරු මාතර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 45 හැවිරිදි අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ටිපර් රථ රියදුරුගේ අපරික්ෂාකාරි හා නොසැලකිමත් රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුරයි.

මේ අතර හලාවත පොලිස් වසමේ බංගදෙනිය ආණමඩුව මාර්ගයේ බංගදෙනිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 26 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආණමඩුව දෙස සිට බංගදෙනිය දෙසය ධාවනය වූ ලොරි රථයක් විරුද්ධ දිශාවෙන් පැමිණි පාපැදියක ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

ලොරි රථ රියදුරගේ අපරික්ෂාකාර හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?