ජීවිත දෙකක් බිලිගත් අනතුරු

වැලිගම පොලිස් වසමේ, දක්ෂිණ අධිවේග මාර්ගයේ දී සිදුවූ ටිපර් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගාල්ල දෙස සිට බරවකුඹුක දෙසට ධාවනය වූ ටිපර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව දක්ෂිණ අධිවේග මාර්ගයේ දකුණු පස ආරක්ෂක වැටේ ගැටී පෙරළීගොස් ඊයේ (09) එම අනතුර සිදුව ඇත.

අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබූ ටිපර් රථ රියදුරු මාතර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 45 හැවිරිදි අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ටිපර් රථ රියදුරුගේ අපරික්ෂාකාරි හා නොසැලකිමත් රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුරයි.

මේ අතර හලාවත පොලිස් වසමේ බංගදෙනිය ආණමඩුව මාර්ගයේ බංගදෙනිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 26 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආණමඩුව දෙස සිට බංගදෙනිය දෙසය ධාවනය වූ ලොරි රථයක් විරුද්ධ දිශාවෙන් පැමිණි පාපැදියක ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

ලොරි රථ රියදුරගේ අපරික්ෂාකාර හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 5ක් එකිනෙක වැදී සිදුවූ අනතුරේ ඔබ නොදුටු නවතම දර්ශන
02:03
Video thumbnail
නුවරට යන්න බස් නැතුව මහපාරේ අසරණ වුණ මිනිස්සු - වැඩ කරලා සති අන්තයේ ගෙදර යන්න ඉන්න මිනිස්සු
01:59
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර - මෙන්න උදෑසන තත්ත්වය
00:55
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56