ජාතික ලැයිස්තුව රාජපක්ෂවරු අවභාවිත කරනවා – අගමැතිනි

නිවැරදි නායකත්වය තුළින් මේ රට වෙනස් කළ හැකි බව මාසයක් වැනි කෙටි කාලසීමාවක් තුළ පෙන්වා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

අතුරුගිරිය – බොරලුගොඩ ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.

දූෂිත දේශපාලන සංස්කෘතිය ඉවත් කිරීමේ වැඩපිළිවෙළ තම පක්ෂය ජනාධිපතිවරණයෙන් ආරම්භ කළ බවත්; සරලවම, චාම් අයුරින් ජනාධිපති පවා දිවුරුම්දීමේ උත්සවය පවත්වා රටට ආදර්ශයක් සැපයූ බව ද අග්‍රාමාත්‍යවරිය පවසනවා.

රටේ ජනතාවගේ මුදල් නාස්ති කර; ජනතාවට අප්‍රිය වූ දේශපාලනඥයෙකු වීම සම්පූර්ණයෙන් ම නතර කර දමා විශිෂ්ට දේශපාලනික සංස්කෘතියක් මෙරට තුළ ඇති කරලීම සැමදෙනාගේ ම වගකීමක් බවයි හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

රටක ජාතික ලැයිස්තුව යනු පාර්ලිමේන්තු මැතිවරණයකින් යා නොහැකි වෘත්තිකයින් හෝ වෙනත් රටට විවිධ අංශවලින් සේවය කරන ලද පිරිස් වෙත යාමට ඇති ක්‍රමවේදයක් මිසෙක දේශපාලන දූෂිතයින්ට එය සුදුසු නොමැති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

රාජපක්ෂවරු තරග නොවදින එකම මහමැතිවරණය මෙය වුව ද; ජාතික ලැයිස්තුව අවභාවිත කරමින් රාජපක්ෂවරු යළිත් ඒ හරහා පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සහා දරා ඇති බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?