ජාතික ලැයිස්තුව රාජපක්ෂවරු අවභාවිත කරනවා – අගමැතිනි

නිවැරදි නායකත්වය තුළින් මේ රට වෙනස් කළ හැකි බව මාසයක් වැනි කෙටි කාලසීමාවක් තුළ පෙන්වා දී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

අතුරුගිරිය – බොරලුගොඩ ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.

දූෂිත දේශපාලන සංස්කෘතිය ඉවත් කිරීමේ වැඩපිළිවෙළ තම පක්ෂය ජනාධිපතිවරණයෙන් ආරම්භ කළ බවත්; සරලවම, චාම් අයුරින් ජනාධිපති පවා දිවුරුම්දීමේ උත්සවය පවත්වා රටට ආදර්ශයක් සැපයූ බව ද අග්‍රාමාත්‍යවරිය පවසනවා.

රටේ ජනතාවගේ මුදල් නාස්ති කර; ජනතාවට අප්‍රිය වූ දේශපාලනඥයෙකු වීම සම්පූර්ණයෙන් ම නතර කර දමා විශිෂ්ට දේශපාලනික සංස්කෘතියක් මෙරට තුළ ඇති කරලීම සැමදෙනාගේ ම වගකීමක් බවයි හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.

රටක ජාතික ලැයිස්තුව යනු පාර්ලිමේන්තු මැතිවරණයකින් යා නොහැකි වෘත්තිකයින් හෝ වෙනත් රටට විවිධ අංශවලින් සේවය කරන ලද පිරිස් වෙත යාමට ඇති ක්‍රමවේදයක් මිසෙක දේශපාලන දූෂිතයින්ට එය සුදුසු නොමැති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

රාජපක්ෂවරු තරග නොවදින එකම මහමැතිවරණය මෙය වුව ද; ජාතික ලැයිස්තුව අවභාවිත කරමින් රාජපක්ෂවරු යළිත් ඒ හරහා පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සහා දරා ඇති බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21