ජාතික බලශක්ති හා ප්‍රවාහන ප්‍රතිපත්තියක් සඳහා අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තුව මැදිහත්වෙන්න – යදාමිණි ගුණවර්ධන

ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් හා ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සඳහා අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තුව විශේෂ මැදිහත්වීමක් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන පවසනවා.

ඒ, සඳහා වන අනු කමිටුවක් පත් කරන ලෙසත් අද (28) පාර්ලිමේන්තුවේ දී විශේෂ ඉල්ලීමක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.

එමෙන්ම කැලණි වැලි දුම්රිය මාර්ගයේ මාකුඹුරේ සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ග දෙකක් වන සේ ඉදිකරන ලෙසත්, කොළඹ සිට මාකුඹුර දක්වා පොළෙව මත හෝ කණු යොදා දුම්රිය මාර්ග දෙකක් ඉදිකරන ලෙසත් ඔහු ප්‍රවාහන හා මහා මාර්ග අමත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් ද සිදුකළා.

මෙමඟින් කිලෝමීටර් 65ක් වන කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පැය 03ක් වන දුම්රිය ගමන පැය 01ක් දක්වා අඩුකරගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ මෙන් සූර්ය ශක්තිය මඟින් විදුලිය ලබාගෙන විදුලි දුම්රිය 2023 දී වත් ඇති කිරීමට උත්සාහ ගතයුතු බවත්, මහජනතාවගේ ප්‍රවාහන අයිතිය සම්බන්ධයෙන් බලය පවරා ඇති මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා පනත් බලාත්මක කළ යුතු බවත්, මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

2023 අයවැයේ, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය හා විදේශ කටයුතු අමාත්‍යංශවල කාරක සභා අවස්ථාවේ විවාදයට අද එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21