ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් හා ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සඳහා අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තුව විශේෂ මැදිහත්වීමක් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන පවසනවා.
ඒ, සඳහා වන අනු කමිටුවක් පත් කරන ලෙසත් අද (28) පාර්ලිමේන්තුවේ දී විශේෂ ඉල්ලීමක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.
එමෙන්ම කැලණි වැලි දුම්රිය මාර්ගයේ මාකුඹුරේ සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ග දෙකක් වන සේ ඉදිකරන ලෙසත්, කොළඹ සිට මාකුඹුර දක්වා පොළෙව මත හෝ කණු යොදා දුම්රිය මාර්ග දෙකක් ඉදිකරන ලෙසත් ඔහු ප්‍රවාහන හා මහා මාර්ග අමත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් ද සිදුකළා.
මෙමඟින් කිලෝමීටර් 65ක් වන කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා පැය 03ක් වන දුම්රිය ගමන පැය 01ක් දක්වා අඩුකරගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඉන්දියාවේ මෙන් සූර්ය ශක්තිය මඟින් විදුලිය ලබාගෙන විදුලි දුම්රිය 2023 දී වත් ඇති කිරීමට උත්සාහ ගතයුතු බවත්, මහජනතාවගේ ප්‍රවාහන අයිතිය සම්බන්ධයෙන් බලය පවරා ඇති මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා පනත් බලාත්මක කළ යුතු බවත්, මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
2023 අයවැයේ, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය හා විදේශ කටයුතු අමාත්‍යංශවල කාරක සභා අවස්ථාවේ විවාදයට අද එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.














BORALUGODA SINHAYA KIYANNE GOTHAPU KATHAWAK. UNP SLFP JOIN UNAMA JANATHAWADHEE KAMA BORUWAK BAWA PENWAPU AYA THAMAYI COLWIN, N.M.,PHILIP WANI AYA. PHILIP GE LAMAYI EYI BORU NAMATA MUWA WELA JANATHAWADHEE KESA KE GAHAMIN BALAYATA AWA. OKKOMA PRAKOTIPATHI. DAN UNGE LAMAYINUTH MEKAT AWITH. SAMAJAWADHAYE PAWULWADAYAK NATHI BAWA MUNTA KATHIRE GAHANA MODA MATI HARAK KAWADHA THRUM GANIYI DHA