ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ හිමිනමක් කටුනායකදී අතරමං

බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටි ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන්ට අද අලුයම සිට පැය 12කට අධික කාලයක් ගුවන්තොටුපලේ රැඳී සිටීමට සිදුව තිබෙනවා.

අද (31) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටියද උන්වහන්සේ අදාළ ගුවන් යානය වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය 12 කට අධික ප්‍රමාද වීමකින් පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානය අපේක්ෂාවෙන් අද අලුයම 01.10ට පමණයි කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර ඇත්තේ.

එලෙස පැමිණ ගුවන් තොටුපොළ සියලු නිශ්කාශන කටයුතු නිමා කර අදාළ ගුවන් යානයට පිවිසීම සඳහා උන්වහන්සේ විශේෂ අමුත්තන්ගේ මැදිරියෙහි අසුන් ගෙන සිට තිබෙනවා.

ඒ අතර එම ගුවන් යානයෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර වෙත යාම සදහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණා.

ටික වේලාවකට පසු විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ සිටි අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් පිරිස විශේෂ බස් රථයක් යොදා ගනිමින් තායිලන්තය බලා පිටත්ව යන ගුවන් යානය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ සිටි අජාන් බ්‍රහ්මවංශ හිමියන්ට අලුයම 02.30ට පමණ දැනුම් දී ඇත්තේ උන්වහන්සේගේ ගුවන් ගමන අවලංගු කර ඇති බවයි.

පසුව උන්වහන්සේ යළිත් ගුවන් තොටුපොළ සියලු නිශ්කාශන කටයුතු සිදු කර උදෑසන 10.45ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 314 දරන ගුවන් යානයෙන් පිටත් කර යැවූ බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ.

ඒ වනවිට උන්වහන්සේ පැය 12 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළ තුළ අපහසුතා මධ්‍යයේ රැදී සිට තිබූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
22
+1
3
+1
6
+1
22
+1
7
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?