ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ හිමිනමක් කටුනායකදී අතරමං

බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටි ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් වී සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංශ හිමියන්ට අද අලුයම සිට පැය 12කට අධික කාලයක් ගුවන්තොටුපලේ රැඳී සිටීමට සිදුව තිබෙනවා.

අද (31) අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර සිටියද උන්වහන්සේ අදාළ ගුවන් යානය වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය 12 කට අධික ප්‍රමාද වීමකින් පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානය අපේක්ෂාවෙන් අද අලුයම 01.10ට පමණයි කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර ඇත්තේ.

එලෙස පැමිණ ගුවන් තොටුපොළ සියලු නිශ්කාශන කටයුතු නිමා කර අදාළ ගුවන් යානයට පිවිසීම සඳහා උන්වහන්සේ විශේෂ අමුත්තන්ගේ මැදිරියෙහි අසුන් ගෙන සිට තිබෙනවා.

ඒ අතර එම ගුවන් යානයෙන්ම තායිලන්තයේ බැංකොක් නුවර වෙත යාම සදහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද මෙම විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණා.

ටික වේලාවකට පසු විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ සිටි අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් පිරිස විශේෂ බස් රථයක් යොදා ගනිමින් තායිලන්තය බලා පිටත්ව යන ගුවන් යානය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව විශේෂ අමුත්තන්ගේ මැදිරිය තුළ සිටි අජාන් බ්‍රහ්මවංශ හිමියන්ට අලුයම 02.30ට පමණ දැනුම් දී ඇත්තේ උන්වහන්සේගේ ගුවන් ගමන අවලංගු කර ඇති බවයි.

පසුව උන්වහන්සේ යළිත් ගුවන් තොටුපොළ සියලු නිශ්කාශන කටයුතු සිදු කර උදෑසන 10.45ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 314 දරන ගුවන් යානයෙන් පිටත් කර යැවූ බවයි ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ.

ඒ වනවිට උන්වහන්සේ පැය 12 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළ තුළ අපහසුතා මධ්‍යයේ රැදී සිට තිබූ බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28