ජාඇලේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්තිට උසස්වීමක්

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ ආධුනික පොලිස් කොස්තාපල් ක්‍රිෂ්ණමූර්ති ප්‍රතාපන් නිලධාරියා පොලිස් සැරයන් නිලයට උසස් කර තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම පිරිනමා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.

ආධුනික නිලධාරීයෙකු වශයෙන් ජාඇල පොලීසියේ රාජකාරියේ යෙදී සිටිය දී, අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ජාඇල පොලිස් ස්ථානය අසල ඇති ඇළට පැන පසුගිය 23 වනදා පළායාමට උත්සාහ කළ අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මෙම නිලධාරියා ඇළට පැන තිබුණා.

එහිදී දියේ ගසාගෙන ගොස් අතුරුදන් වූ මෙම පොලිස් නිලධාරියාගේ සිරුර ඊයේ (24) මීගමුව කලපුව ආසන්නයේ තිබිය දී සොයාගනු ලැබුවා.

එලෙස අවාසනාවන්ත ලෙස මියගිය මෙම පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු චාවකච්චේරිය පොලිස් වසමේ පොදු සුසන භුමියේ දී සිදුකිරීමට නියමිත තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47