spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාඇලේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්තිට උසස්වීමක්

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ ආධුනික පොලිස් කොස්තාපල් ක්‍රිෂ්ණමූර්ති ප්‍රතාපන් නිලධාරියා පොලිස් සැරයන් නිලයට උසස් කර තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම පිරිනමා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.

ආධුනික නිලධාරීයෙකු වශයෙන් ජාඇල පොලීසියේ රාජකාරියේ යෙදී සිටිය දී, අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ජාඇල පොලිස් ස්ථානය අසල ඇති ඇළට පැන පසුගිය 23 වනදා පළායාමට උත්සාහ කළ අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මෙම නිලධාරියා ඇළට පැන තිබුණා.

එහිදී දියේ ගසාගෙන ගොස් අතුරුදන් වූ මෙම පොලිස් නිලධාරියාගේ සිරුර ඊයේ (24) මීගමුව කලපුව ආසන්නයේ තිබිය දී සොයාගනු ලැබුවා.

එලෙස අවාසනාවන්ත ලෙස මියගිය මෙම පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු චාවකච්චේරිය පොලිස් වසමේ පොදු සුසන භුමියේ දී සිදුකිරීමට නියමිත තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?