AFC Banner
AFC Banner
Empty Ad

ජර්මනිය කෙන්යානු කම්කරුවන්ට දොර විවර කරයි

ජර්මනිය, කෙන්යාව සමග සංක්‍රමණ ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමගින් පුහුණු සහ අර්ධ පුහුණු කෙන්යානු කම්කරුවන්ට මෙම අවස්ථාව හිමිවන බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ විසින් ඊයේ (14) දින එම ගිවිසුමට අත්සන් කර තිබුණා.

නමුත් මේ වන විට ජර්මනියට පැමිණෙන නිශ්චිත කම්කරුවන් සංඛ්‍යාව අනාවරණය කර නැහැ.

කෙන්යාවේ ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, කෙන්යානුවන් 250,000 දක්වා රැකියා අවස්ථා අපේක්ෂා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?