ජර්මන් විදේශ ඇමතිගෙන් චීනයට දෝස්මුරයක්

තායිවාන් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සහ යුක්රේනයට එරෙහි යුද්ධයේ දී රුසියාවට සහය දීම සම්බන්ධයෙන් ජර්මානු විදේශ අමාත්‍යවරයා චිනය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබෙනවා.

සිය ජපාන සංචාරය අතරතුර දී ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෙෆුල් ජනමාධ්‍ය හමුවේ පවසා තිබුනේ තායිවාන් සමුද්‍ර සන්ධිය කලාපයේ චීනයේ ආක්‍රමණශීලී හැසිරීම කිසිසේත් පිළිගත නොහැකි බවයි.

එමෙන්ම ඔහු ජාත්‍යන්තරව බැඳී ඇති නීති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර තිබෙනවා.

ජපාන විදේශ අමාත්‍ය ටකේෂි ඉවායා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව, වඩේෆුල් තවදුරටත් පැවසුවේ, “මෙම සංවේදී ජාත්‍යන්තර වෙළඳාමේ මධ්‍යස්ථානයේ ඕනෑම උත්සන්න වීමක් ගෝලීය ආරක්ෂාවට සහ ලෝක ආර්ථිකයට බරපතළ ප්‍රතිවිපාක ඇති කරනු ඇති” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?