ජර්මන් පාර්ලිමේන්තු සාමාජික පීටර් රැම්සෝර් ජනපති හමු වෙයි

ජර්මන් පාර්ලිමේන්තු සාමාජික ආචාර්ය පීටර් රැම්සෝර් (Peter Ramsauer) මහතා ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා.

ජර්මානු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් පීටර් රැම්සෝර් මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක නිරතව සිටිනවා.

පීටර් රැම්සෝර් මහතාව ඉතා සුහදශීලිව පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරට අතර අතීත සබඳතා සිහිපත් කරමින් සාකච්ඡාව ආරම්භ කරනු ලැබුවා.

ජර්මන් රජයේ සහාය ඇතිව කරාපිටිය රෝහල තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය එහිදී විමසා බැලුණු අතර ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළේ දී ජර්මනියේ තාක්ෂණික සහාය සහ ආයෝජන තවදුරටත් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම මෙරට අලි – මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සදහා ජර්මනිය හඳුන්වා දී ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ස්තුතිය පළ කළ අතර, එම ව්‍යාපෘති අධ්‍යයනය කරමින් රට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම පිළිබඳ පීටර් රැම්සොර් මහතා සිය සතුට පළ කර තිබෙනවා.

මීට අමතරව ජර්මානු තාක්ෂණික විද්‍යාල හරහා මෙරට සිසුන්ට පුහුණු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට සහාය වන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගාල්ලේ වෙනස්ම විදියකට නව අවුරුදු උදාව සමරපු හැටි..රටටම සෙත් පතා ගාලු මහ බෝධිය අසළ කරපු දේ
01:26
Video thumbnail
මාව ජනාධිපති කරන්න කියලා ගිහින් වල්ලි අම්මගෙන් ඉල්ලපන්
00:48
Video thumbnail
අධ්‍යාපන ලේකම්වරිය බබා.."සමරිසි ප්‍රවර්ධනය කිරිමේ තානාපති අගමැතිතුමිය"
03:04
Video thumbnail
අලුත් අවුරුද්දෙම හොඳම එකෙන් ඇමතූ රංජිත්..මේවා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුනේ
09:29
Video thumbnail
මෝටර් රථයක් පොල් ගහක් උඩට ගිය බිහිසුණු අනතුර
01:07
Video thumbnail
මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල නිසා සංවර්ධන කමිටුව උණුසුම්වෙයි..හෙංචයියෝ වගේ ඉන්න හිතනවනම් සොරි තමයි
09:50
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු එජාප සෙට් එකත් ජයටම සමරපු අලුත් අවුරුදු..මිනිස්සු රනිල් එක්ක Selfie ග#‍‍යි
02:14
Video thumbnail
හරිනි ඉල්ලා අස්වෙන්න ඕනේ - 2026 ආරම්භය සුභදායක නෑ
05:57
Video thumbnail
රුවන්වැලිසෑයට මහ ජන ගඟක් ඇදෙයි..රුවන්වැලිසෑ නායක හිමිගෙන් විශේෂ පණිවිඩයක්
06:49
Video thumbnail
නව වසරට සුභ පැතුම් එක්කළ අටමස්ථානාධිපති..ආපදාවලින් අසරණ වුණ ජනතාවට හැකි පමණින් උදව් උපකාර කරන්න
01:40


?