ජර්මන් පාර්ලිමේන්තු සාමාජික පීටර් රැම්සෝර් ජනපති හමු වෙයි

ජර්මන් පාර්ලිමේන්තු සාමාජික ආචාර්ය පීටර් රැම්සෝර් (Peter Ramsauer) මහතා ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා.

ජර්මානු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් පීටර් රැම්සෝර් මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක නිරතව සිටිනවා.

පීටර් රැම්සෝර් මහතාව ඉතා සුහදශීලිව පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරට අතර අතීත සබඳතා සිහිපත් කරමින් සාකච්ඡාව ආරම්භ කරනු ලැබුවා.

ජර්මන් රජයේ සහාය ඇතිව කරාපිටිය රෝහල තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය එහිදී විමසා බැලුණු අතර ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළේ දී ජර්මනියේ තාක්ෂණික සහාය සහ ආයෝජන තවදුරටත් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම මෙරට අලි – මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සදහා ජර්මනිය හඳුන්වා දී ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ස්තුතිය පළ කළ අතර, එම ව්‍යාපෘති අධ්‍යයනය කරමින් රට තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම පිළිබඳ පීටර් රැම්සොර් මහතා සිය සතුට පළ කර තිබෙනවා.

මීට අමතරව ජර්මානු තාක්ෂණික විද්‍යාල හරහා මෙරට සිසුන්ට පුහුණු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට සහාය වන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47