ජමාත්-ඊ-ඉස්ලාමි ශිෂ්‍ය සංවිධානය බංග්ලාදේශ අර්බුදයේ මහ මොළකරුවන් බවට වාර්තාවක්

ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානයේ බංග්ලාදේශයේ ශිෂ්‍ය සංවිධානය වන ඉස්ලාමි චත්‍ර ෂිබීර් (CIS) බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතා සහ පසුව ඇති වූ ව්‍යාකූලත්වයේ නිර්මාණය කළ බවට තොරතුරු හෙළි වී ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය වාර්තා කරනවා.

රැඩිකල් ශිෂ්‍ය සංවිධානයට ෂීක් හසීනා බලයෙන් පහ කිරීම සඳහා පකිස්තාන බුද්ධි ඒජන්සිය වන CIA හි පිටුබලය ඇතැයි විශ්වාස කෙරෙන බව ඉන්දියා ටුඩේ වාර්තා කරනවා.

පසුගිය වසර දෙක තුළ බොහෝ ඉස්ලාමීය චත්‍ර ෂිබීර් සාමාජිකයින් බංග්ලාදේශයේ විවිධ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

ICS හි ප්‍රධාන මධ්‍යස්ථාන වන්නේ ඩකා විශ්ව විද්‍යාලය, චිතගොං විශ්ව විද්‍යාලය, ජහන්ගීර් විශ්ව විද්‍යාලය, සිල්හෙට් විශ්ව විද්‍යාලය සහ රාජ්ෂාහි විශ්වවිද්‍යාලයයි.

පසුගිය වසර තුන තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධාන නිලවරණ ජයග්‍රහණය කළ සියලුම ශිෂ්‍ය සංවිධාන ඉස්ලාමීය චත්‍ර ෂිබීර්ගේ සහාය ඇති ව ජයග්‍රහණය කිරීම සිත්ගන්නා කරුණක්.

ඉස්ලාමි චත්‍ර ෂිබීර් සංවිධානයට, ISI සමග ඉතා ගැඹුරු සම්බන්ධතා ඇති බවට විශ්වාස කෙරෙන අතර එහි සාමාජිකයන් බොහෝ දෙනෙක් පකිස්ථානයට ගොස් තිබෙනවා.

ජමාත්-ඊ-ඉස්ලාමි සහ එහි ශිෂ්‍ය අංශය විරෝධතා ප්‍රයෝජනයට ගනිමින් ප්‍රචණ්ඩත්වය උසිගන්වන බවට ෂෙයික් හසීනා ද චෝදනා කර තිබුණා.

ඔත්තුසේවා වාර්තා උපුටා දක්වමින්, ඉන්දියා ටුඩේ ද වාර්තා කළේ මෙහෙයුම් පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා වූ සැලැස්ම ISI සමග සහයෝගීතාවයෙන් ලන්ඩනයේ දී කෙටුම්පත් කර බංග්ලාදේශයේ ක්‍රියාත්මක කළ බවයි.

සෞදි අරාබියේ තරික් රහ්මාන් සහ CIA නිලධාරීන් අතර රැස්වීම් පිළිබඳ සාක්ෂි තමන් සතුව ඇති බව බංග්ලාදේශ නිලධාරීන් ප්‍රකාශ කළා.

පකිස්තාන හමුදාව සහ CIA ෂීක් හසීනාගේ ආණ්ඩුව අස්ථාවර කිරීම සහ විරුද්ධවාදී BNP ආණ්ඩුවක් පිහිටුවීම ඉලක්ක කර ගත් බව වෙබ් අඩවි වාර්තාවේ සඳහන්.

හසීනාට රටින් පලා යාමට බල කළ විරෝධතා උත්සන්න කිරීමේදී පාකිස්තානයේ CIA හරහා චීනයේ හස්තයක් ද තිබුණු බව බුද්ධි අංශ පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21