ජමාත්-ඊ-ඉස්ලාමි ශිෂ්‍ය සංවිධානය බංග්ලාදේශ අර්බුදයේ මහ මොළකරුවන් බවට වාර්තාවක්

ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානයේ බංග්ලාදේශයේ ශිෂ්‍ය සංවිධානය වන ඉස්ලාමි චත්‍ර ෂිබීර් (CIS) බංග්ලාදේශයේ ශිෂ්‍ය විරෝධතා සහ පසුව ඇති වූ ව්‍යාකූලත්වයේ නිර්මාණය කළ බවට තොරතුරු හෙළි වී ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය වාර්තා කරනවා.

රැඩිකල් ශිෂ්‍ය සංවිධානයට ෂීක් හසීනා බලයෙන් පහ කිරීම සඳහා පකිස්තාන බුද්ධි ඒජන්සිය වන CIA හි පිටුබලය ඇතැයි විශ්වාස කෙරෙන බව ඉන්දියා ටුඩේ වාර්තා කරනවා.

පසුගිය වසර දෙක තුළ බොහෝ ඉස්ලාමීය චත්‍ර ෂිබීර් සාමාජිකයින් බංග්ලාදේශයේ විවිධ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

ICS හි ප්‍රධාන මධ්‍යස්ථාන වන්නේ ඩකා විශ්ව විද්‍යාලය, චිතගොං විශ්ව විද්‍යාලය, ජහන්ගීර් විශ්ව විද්‍යාලය, සිල්හෙට් විශ්ව විද්‍යාලය සහ රාජ්ෂාහි විශ්වවිද්‍යාලයයි.

පසුගිය වසර තුන තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධාන නිලවරණ ජයග්‍රහණය කළ සියලුම ශිෂ්‍ය සංවිධාන ඉස්ලාමීය චත්‍ර ෂිබීර්ගේ සහාය ඇති ව ජයග්‍රහණය කිරීම සිත්ගන්නා කරුණක්.

ඉස්ලාමි චත්‍ර ෂිබීර් සංවිධානයට, ISI සමග ඉතා ගැඹුරු සම්බන්ධතා ඇති බවට විශ්වාස කෙරෙන අතර එහි සාමාජිකයන් බොහෝ දෙනෙක් පකිස්ථානයට ගොස් තිබෙනවා.

ජමාත්-ඊ-ඉස්ලාමි සහ එහි ශිෂ්‍ය අංශය විරෝධතා ප්‍රයෝජනයට ගනිමින් ප්‍රචණ්ඩත්වය උසිගන්වන බවට ෂෙයික් හසීනා ද චෝදනා කර තිබුණා.

ඔත්තුසේවා වාර්තා උපුටා දක්වමින්, ඉන්දියා ටුඩේ ද වාර්තා කළේ මෙහෙයුම් පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා වූ සැලැස්ම ISI සමග සහයෝගීතාවයෙන් ලන්ඩනයේ දී කෙටුම්පත් කර බංග්ලාදේශයේ ක්‍රියාත්මක කළ බවයි.

සෞදි අරාබියේ තරික් රහ්මාන් සහ CIA නිලධාරීන් අතර රැස්වීම් පිළිබඳ සාක්ෂි තමන් සතුව ඇති බව බංග්ලාදේශ නිලධාරීන් ප්‍රකාශ කළා.

පකිස්තාන හමුදාව සහ CIA ෂීක් හසීනාගේ ආණ්ඩුව අස්ථාවර කිරීම සහ විරුද්ධවාදී BNP ආණ්ඩුවක් පිහිටුවීම ඉලක්ක කර ගත් බව වෙබ් අඩවි වාර්තාවේ සඳහන්.

හසීනාට රටින් පලා යාමට බල කළ විරෝධතා උත්සන්න කිරීමේදී පාකිස්තානයේ CIA හරහා චීනයේ හස්තයක් ද තිබුණු බව බුද්ධි අංශ පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?