AFC Banner
Empty Ad
Empty Ad

ජපානයේ ප්‍රබල භූ කම්පන දෙකක්

භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව අද ජපානයේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා.

ජපානයේ කුරිල් දූපත් ආශ්‍රිතව රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූමිකම්පාවක් සිදු වූ අතර මිනිත්තු කිහිපයකට පසුව එම ප්‍රදේශයටම රිච්ටර් මාපකයේ ඒකක 5ක් ලෙස සටහන් වූ තවත් ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ. භූමිකම්පා වාර්තා වී ඇත්තේ කිලෝමීටර් 10ක් සහ කිලෝමීටර් 40ක් ගැඹුරින්.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබලත්වයෙන් යුත් පළමු භූමිකම්පාව පස්වරු 2:45 ට සිදු වූ අතර එහි කේන්ද්‍රය කුරිල් දූපත් වල ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් වූ බවයි.

රිච්ටර් පරිමාණයෙන් 5.0ක ප්‍රබලත්වයේ යුත් දෙවැන්න පස්වරු 3:07 ට සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
9
+1
1
+1
12
+1
22
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?