ජපානයේදී මියගිය විශ්මාගේ යටගිය කතාව එළියට

සිය ළමා කාලයේදී විශ්මා රත්නායක රූපවාහිනියෙන් විකාශනය කළ “ඔෂින්” නාට්‍ය මාලාව ඉතා ආශාවෙන් නැරඹුවාය.

කුඩා විශ්මාගේ වීරවරිය වූයේ ඔෂින් ය.

ඇයගේ අභිප්‍රාය වූයේ කවදා හෝ ජපානයට ගොස් එහි ඉංග්‍රීසි උගන්වමින් ජීවත්වීමය.

තම වීරවරිය අභිබවා යන ලෙස පියා දුන් අභියෝගය භාරගත් විශ්මා රත්නායක ජපන් භාෂාව ඉගෙන ගැනීම ඇරඹුවාය.   

අනපේක්ෂිත ලෙස සිය පියා ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව ඒ වනවිට විශ්වවිද්‍යාල උපාධිධාරිනියක් වූ විශ්මා ජපානයට යෑමට සිය මව ව එකඟ කර ගැනීමට සමත් වූවාය.

ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස ජපානයේ සේවය කර තම පවුලේ බරපැන දැරීම ඇයගේ අරමුණ විය.

ඒ අනුව කෙසේ හෝ මුදල් සොයාගත් මව, විශ්මා ට සිය බලාපොරොත්තුව ඉටුකර ගැනීමට උදව් වූවාය. ඒ අනුව විශ්මා 2017 වසරේදී ජපානයේ නරීටා ප්‍රදේශයට පැමිණියේ ශිෂ්‍ය වීසාවකිනි.

නමුත් ඇයට සිය අරමුණු ඉටුකර ගැනීමට නොහැකි විණි. 

වීසා බලපත්‍රයේ කාලය ඉකුත්වීම හේතුවෙන් ජපාන බලධාරීන් විසින් ඇයව සංක්‍රමණිකයින් රඳවා තැබෙන මධ්‍යස්ථානයකට යවා තිබුණි.

එහිදී ඉතා දරුණු ලෙස දුක්විඳි ඇය, පසුගිය මාර්තු 6 වනදා මියගියේ ඇයගේ පවුලේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආකාරයටය. 

එවිට ඇයගේ වයස අවුරුදු 33කි.

විශ්මා ගේ මරණය ජපාන මාධ්‍ය විසින් වර්තාකළේ එරට සංක්‍රමණික නීති පිළිබඳව නැවත සිතා බැලීමට බලධාරීන් ට බල කරමිනි.

1997 සිට මේ දක්වා ජපාන රඳවා ගැනීමේ මධ්‍යස්ථාන වලදී විදේශිකයින් 27 දෙනෙක් මරණයට පත්ව ඇති බව සඳහන් විය.

ජපානයේ ක්‍රියාත්මක වන ක්‍රමවේදයේ කිසිදු විනිවිද භාවයක් නොමැති බව මේ වනවිට හෙළිවී තිබේ. 

මේ වනවිට විශ්මා ගේ සහෝදරියන් දෙදෙනා සටනට පිවිස සිටින්නේ තම සොහොයුරියට සිදුවූ අසාධාරණය තවත් අයෙකුට සිදුනොවිය යුතු බව පෙන්වා දෙමිනි.

පවුලේ අය සිතා ඇත්තේ විශ්මාට කරදරයක් නොමැති බවය.

ඇය ගැන ඔවුන්ගේ සිතුවිලි නිවැරදි නොවන බව සහෝදරියන් ට වැටහී ගොස් තිබුණේ විශ්මා ජීවිතක්ෂයට පත්වූ බව 2021 මාර්තු මාසයේදී ටෝකියෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් දැනුම් දුන් විටය.

ඒ වනවිට මාස 6ක පමණ කාලයක් විශ්මා, ජපාන බලධාරීන් විසින් රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තිබුණි.  

එහිදී රැඳවියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරන බවට ශ්‍රී ලංකික තරුණියගේ මරණය කදිම සාක්ෂියක් බව සිවිල් ක්‍රියාකාරීන් පවසයි. 

විශ්මා මියගිය බවට දැන්වීමෙන් අනතුරුව ඇයගේ පවුලේ අය එහි බලධාරීන්ට පවසා ඇත්තේ සත්‍ය පිළිගැනීමට ජායාරූප ඉදිරිපත්කරන ලෙසත් වාර්තාවක් සපයන ලෙසත් ය.

නමුත් ඔවුන්ට බලධාරීන්ගෙන් පැහැදිලි පිළිතුරක් ලැබී නොමැත.

එබැවින් විශ්මා ගේ සහෝදරියන් දෙදෙනා 2021 මැයි මාසයේදී ජපානයට ගොස් ඇත්තේ සත්‍ය සොයාගැනීමේ අරමුණෙනි.

ඔවුන්ගේ දැඩි බලපෑම සහ එරට සිවිල් සමාජයෙන් එල්ලවූ බලපෑම් හේතුවෙන් විශ්මාගේ මරණය සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට ජපාන බලධාරීන් කටයුතු කර තිබුණි.

එහිදී විශ්මාගේ අවසාන කාලයේ ඇයව රඳවා සිටි කාමරයට සවිකර තිබූ CCTV දර්ශන සහෝදරියන් දෙදෙනා විසින් නරඹා තිබුණි. එය දැකීමෙන් ඔවුන් දැඩි කලකිරීමට පත්ව තිබේ.

පසුව එළිදැක්වූ “සංක්‍රමණික සේවා ඒජන්සියේ” වාර්තාවකින් දැක්වුණේ මරණයට පෙර මාස ගණනාවක් එම තරුණිය තමාගේ අසනීප තත්ත්වයන් ගැන බලධාරීන් දැනුවත් කර තිබුණි.

නමුත් ඇයගේ තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු නොකළ බව එයින් තහවුරු වී තිබේ.

එසේම ඇය මියගිය දිනයේද හදිසි ප්‍රතිකාර සේවා සැපයීමට එම මධ්‍යස්ථානයේ සේවකයින් වැඩි අවධානයක් යොමුකර නැත.

එරට බලධාරීන්ගෙන් සාධාරණයක් ලබාගැනීමට විශ්මා ගේ සහෝදරියන් දෙදෙනා දැඩි අරගලයක් කරති.

නමුත් එය එතරම් පහසු නැත.

තම වැඩිමහල් සහෝදරිය රඳවා සිටින විට දුක්විඳි ආකාරය විඩියෝවෙන් දුටු බාල සහෝදරිය මේ වනවිට නැවත ලංකාවට පැමිණ සිටින්නේ එමගින් ඇතිවූ චිත්ත පීඩාව නිසාය.

නමුත් අනෙක් සහෝදරිය ජපානයේ රැඳී සිටිමින් “යුක්තිය” සඳහා සටන ගෙනයමින් සිටින්නීය.

“අපිට අවශ්‍ය විශ්මාගේ මරණයට වගකිවයුත්තන් හඳුනා ගැනීම. ඔවුන් නිසා තවත් කෙනෙක්ට එවැනි මරණයක් හිමිවිය හැකියි. හෙට එවැනි මරණයක් උරුම වියහැක්කේ තවත් කාගේ හෝ සහෝදරයෙක්ට, සහෝදරියක්ට, මිතුරෙක්ට, අම්මා කෙනෙක්ට හෝ පියෙක්ට වෙන්න පුළුවන්.”
 
(CNN වාර්තාවක් ඇසුරෙන්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24