ජපනුන් බෝම්බ දමා ගිල්වූ HMS Hermes නෞකාවේ ගවේෂණාත්මක මෙහෙයුමක් සාර්ථකයි (ඡායාරූප)

දෙවන ලෝක යුද සමයේ දී නැගෙනහිර මුහුදේ ගිලී ගිය ‘HMS Hermes’ ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ නාවික හමුදාව ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් සිදු කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; දෙවන ලෝක යුද සමයේ දී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Hermes’ නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් මෙලෙස නාවික හමුදා කිමිදුම් අංශය මගින් ඇරඹූ බවයි.

ඒ ඊයේ (30) දිනයේ දී යි.

එම විශේෂ ගවේෂණාත්මක මෙහෙයුම සාර්ථක ව සිදු කෙරුණු බවත්; ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) විසින් ‘HMS Hermes’ නෞකාව මුහුදුබත් වීමෙන් ජීවිතක්ෂයට පත් එම නෞකාවේ අණදෙන නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් පොපි මල් කළඹක් ද තබා ඔවුන් වෙත උපහාර පුද කිරීමට කටයුතු කළ බව ද නාවික හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දෙවන ලෝක යුද සමයේ දී ජපන් ජාතිකයන් විසින් 1942 වර්ෂයේ අප්‍රේල් මස 05 වන දින කොළඹට බෝම්බ හෙලීමෙන් අනතුරුව, ත්‍රිකුණාමලය දකුණු මුහුදු ප්‍රදේශයේ තිබූ බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවට අයත් HMS Hermes සහ එහි පරිවාර නෞකාව ලෙස පැමිණි HMAS Vampire නෞකාවන් වෙත 1942 වර්ෂයේ අප්‍රේල් මස 09 වන දින ගුවනින් බෝම්බ හෙළා ගිල්වා තිබෙනවා.

මුහුදු මට්ටමේ සිට මීටර් 55 ක් පමණ ගැඹුරක ගිලී ඇති HMS Hermes නෞකාවේ සිදු කළ මෙම ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසය, නාවික හමුදා කිමිදුම් අංශයේ ශිල්පීය හැකියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, කිමිදුම් විශේෂඥයෙකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත සංවිධානය කෙරුණා.

HMS Hermes නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාධිපතිවරයෙක් සහ හිටපු නාවික හමුදාධිපතිවරයෙක් එකවර ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස සහ, එම නෞකාව මුහුදුබත් වීමෙන් ජීවිතක්ෂයට පත් රාජකීය නාවික හමුදා සාමාජිකයන් වෙත මෙලෙස උපහාර දැක්වූ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙම කිමිදුම් අභ්‍යාසය සනිටුහන් ව තිබෙනවා.

මෙම නෞකාව ඇතුළු ඓතිහාසික වැදගත්කමක් ඇති නෞකා සහ සමුද්‍රීය අවශේෂ රැසක් ත්‍රිකුණාමලය වරායේ සහ ඒ අවට නැගෙනහිර මුහුදේ දියය‍ට ස්ථානගතව තිබෙන බව ද නාවික හමුදාව අවධාරණය කරනවා.

WhatsApp Image 2024 07 01 at 15.30.41 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?