ජපනුන් බෝම්බ දමා ගිල්වූ HMS Hermes නෞකාවේ ගවේෂණාත්මක මෙහෙයුමක් සාර්ථකයි (ඡායාරූප)

දෙවන ලෝක යුද සමයේ දී නැගෙනහිර මුහුදේ ගිලී ගිය ‘HMS Hermes’ ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ නාවික හමුදාව ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් සිදු කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; දෙවන ලෝක යුද සමයේ දී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Hermes’ නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් මෙලෙස නාවික හමුදා කිමිදුම් අංශය මගින් ඇරඹූ බවයි.

ඒ ඊයේ (30) දිනයේ දී යි.

එම විශේෂ ගවේෂණාත්මක මෙහෙයුම සාර්ථක ව සිදු කෙරුණු බවත්; ඒ සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා (විශ්‍රාමික) විසින් ‘HMS Hermes’ නෞකාව මුහුදුබත් වීමෙන් ජීවිතක්ෂයට පත් එම නෞකාවේ අණදෙන නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සිහිපත් කරමින් පොපි මල් කළඹක් ද තබා ඔවුන් වෙත උපහාර පුද කිරීමට කටයුතු කළ බව ද නාවික හමුදා මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දෙවන ලෝක යුද සමයේ දී ජපන් ජාතිකයන් විසින් 1942 වර්ෂයේ අප්‍රේල් මස 05 වන දින කොළඹට බෝම්බ හෙලීමෙන් අනතුරුව, ත්‍රිකුණාමලය දකුණු මුහුදු ප්‍රදේශයේ තිබූ බ්‍රිතාන්‍යය රාජකීය නාවික හමුදාවට අයත් HMS Hermes සහ එහි පරිවාර නෞකාව ලෙස පැමිණි HMAS Vampire නෞකාවන් වෙත 1942 වර්ෂයේ අප්‍රේල් මස 09 වන දින ගුවනින් බෝම්බ හෙළා ගිල්වා තිබෙනවා.

මුහුදු මට්ටමේ සිට මීටර් 55 ක් පමණ ගැඹුරක ගිලී ඇති HMS Hermes නෞකාවේ සිදු කළ මෙම ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසය, නාවික හමුදා කිමිදුම් අංශයේ ශිල්පීය හැකියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, කිමිදුම් විශේෂඥයෙකු වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත සංවිධානය කෙරුණා.

HMS Hermes නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාධිපතිවරයෙක් සහ හිටපු නාවික හමුදාධිපතිවරයෙක් එකවර ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස සහ, එම නෞකාව මුහුදුබත් වීමෙන් ජීවිතක්ෂයට පත් රාජකීය නාවික හමුදා සාමාජිකයන් වෙත මෙලෙස උපහාර දැක්වූ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙම කිමිදුම් අභ්‍යාසය සනිටුහන් ව තිබෙනවා.

මෙම නෞකාව ඇතුළු ඓතිහාසික වැදගත්කමක් ඇති නෞකා සහ සමුද්‍රීය අවශේෂ රැසක් ත්‍රිකුණාමලය වරායේ සහ ඒ අවට නැගෙනහිර මුහුදේ දියය‍ට ස්ථානගතව තිබෙන බව ද නාවික හමුදාව අවධාරණය කරනවා.

WhatsApp Image 2024 07 01 at 15.30.41 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34