ජන අරගලයේ දෝංකාරය නමින් මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් පොතක් (වීඩියෝ)

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (14)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

මීට පෙර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වහන්සේ විසින් “නොනවතින අරගලයක සැබෑ කතාව, හෙළ වෙදකමේ යටගියාව, නයිටින්ගේල් චරිතය, ජීනිවා අර්බුදයේ දෝංකාරය, රන් හිය හා අඳුරෙන් එළියට” යන කෘති ද එළිදක්වා තිබෙනවා.

පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමිපාණන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද මෙම කෘතිය පිළිගැන්වීමේ අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?