ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාල් කර තිබූ රථවාහන ගැන දැනුම්දීමක් (නිවේදනය)

මේ වනවිට ජනාධිපති ලේකම් කාර්‍යාලය අසල පරිශ්‍රයේ ගාල්කර ඇති වාහන සම්බන්ධයෙන් පළ වන විවිධ මත පිළිබඳ ජනාධිපති කාර්‍යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ කළ දැනුම්දීම් පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වනවිට ජනාධිපති කාර්‍යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව නවතා ඇති බවයි.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්‍යාලයේ නිත්‍ය කාර්‍යය මණ්ඩලය වෙත ලබා දී තිබූ රථවාහන නොවන බව ද නිවේදනයේ සඳහන්.

හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය ප්‍රකාරව පත් කරන ලද සිය පෞද්ගලික කාර්‍යය මණ්ඩලය වෙත ලබා දී තිබූ රථ වාහන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම රථවාහන ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්‍යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩකඩ නොමැති නිසා පමණක් වන අතර කිසිසේත් එය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට අදාළ ව පසුගියදා ලබා දුන් උපදෙස් පරිදි මෙම රථවාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදීමට මේ වනවිටත් කටයුතු සකස් කරමින් පවතින බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

WhatsApp Image 2024 09 30 at 14.30.32
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
10
+1
4
+1
3
+1
3
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?