ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාල් කර තිබූ රථවාහන ගැන දැනුම්දීමක් (නිවේදනය)

මේ වනවිට ජනාධිපති ලේකම් කාර්‍යාලය අසල පරිශ්‍රයේ ගාල්කර ඇති වාහන සම්බන්ධයෙන් පළ වන විවිධ මත පිළිබඳ ජනාධිපති කාර්‍යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ කළ දැනුම්දීම් පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වනවිට ජනාධිපති කාර්‍යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව නවතා ඇති බවයි.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්‍යාලයේ නිත්‍ය කාර්‍යය මණ්ඩලය වෙත ලබා දී තිබූ රථවාහන නොවන බව ද නිවේදනයේ සඳහන්.

හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය ප්‍රකාරව පත් කරන ලද සිය පෞද්ගලික කාර්‍යය මණ්ඩලය වෙත ලබා දී තිබූ රථ වාහන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම රථවාහන ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්‍යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩකඩ නොමැති නිසා පමණක් වන අතර කිසිසේත් එය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට අදාළ ව පසුගියදා ලබා දුන් උපදෙස් පරිදි මෙම රථවාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදීමට මේ වනවිටත් කටයුතු සකස් කරමින් පවතින බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

WhatsApp Image 2024 09 30 at 14.30.32


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21