ජනාධිපති කොමිෂන් සභාවට නව කොමසාරිස්වරයෙක්

ජනාධිපති කොමිෂන් සභාවට තවත් කොමසාරිස්වරයෙකු පත් කර තිබෙනවා.

ඊට අදාළ ව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර; මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සහ මාධ්‍ය භාවිතය, දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇතුළු කරුණු කිහිපයක් විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා යි; මෙම ජනාධිපති කොමිෂන් සභාව පත් කෙරුණේ.

විශ්‍රාමික අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රියසාද් ඩෙප්ගේ සභාපතීත්වයෙන් යුතු මෙය ඔක්තෝම්බර් 16 වනදා පත් කළා.

එහිදී මැතිවරණය සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳ සොයා බැලීම සඳහා එම කොමිසමට සිය වගකීම් පැවරී තිබු අතර ඊයේ නිකුත් කළ නව ගැසට් නිවේදනය මගින් කොමිෂන් සභාවේ විෂය ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කාර්ය කඩිනමින් සහ කාර්යක්ෂම ව සපුරාලීම සඳහා කාමයිල් වියර් ඩේවිඩ් මහතාව කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස පත්කර ඇති බව මෙම ගැසට් නිවේදනයේ සඳහන්.

බහු පක්ෂ ක්‍රමය ශක්තිමත් කිරීම, දේශපාලන පක්ෂ සඳහා මහජන අරමුදල් සැපයීම, දේශපාලන පක්ෂ සාමාජිකයන් වෙත නායකත්වයේ වගවීම, මැතිවරණ ව්‍යාපාර කටයුතු සඳහා දරණු ලබන වියදම් අඩුකිරීම ද කොමිසම මගින් සොයාබැලීමට නියමිත ව තිබෙනවා.

දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමේදී පදනම් කරගත යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද සොයාබැලීමට කොමිසම වෙත පැවරෙන බවයි ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

1
2
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?