spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපති කොමිෂන් සභාවට නව කොමසාරිස්වරයෙක්

ජනාධිපති කොමිෂන් සභාවට තවත් කොමසාරිස්වරයෙකු පත් කර තිබෙනවා.

ඊට අදාළ ව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර; මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සහ මාධ්‍ය භාවිතය, දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇතුළු කරුණු කිහිපයක් විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා යි; මෙම ජනාධිපති කොමිෂන් සභාව පත් කෙරුණේ.

විශ්‍රාමික අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ප්‍රියසාද් ඩෙප්ගේ සභාපතීත්වයෙන් යුතු මෙය ඔක්තෝම්බර් 16 වනදා පත් කළා.

එහිදී මැතිවරණය සම්බන්ධයෙන් කරුණු රැසක් පිළිබඳ සොයා බැලීම සඳහා එම කොමිසමට සිය වගකීම් පැවරී තිබු අතර ඊයේ නිකුත් කළ නව ගැසට් නිවේදනය මගින් කොමිෂන් සභාවේ විෂය ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කාර්ය කඩිනමින් සහ කාර්යක්ෂම ව සපුරාලීම සඳහා කාමයිල් වියර් ඩේවිඩ් මහතාව කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙස පත්කර ඇති බව මෙම ගැසට් නිවේදනයේ සඳහන්.

බහු පක්ෂ ක්‍රමය ශක්තිමත් කිරීම, දේශපාලන පක්ෂ සඳහා මහජන අරමුදල් සැපයීම, දේශපාලන පක්ෂ සාමාජිකයන් වෙත නායකත්වයේ වගවීම, මැතිවරණ ව්‍යාපාර කටයුතු සඳහා දරණු ලබන වියදම් අඩුකිරීම ද කොමිසම මගින් සොයාබැලීමට නියමිත ව තිබෙනවා.

දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමේදී පදනම් කරගත යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද සොයාබැලීමට කොමිසම වෙත පැවරෙන බවයි ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

1
2
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?