AFC Banner
AFC Banner
Empty Ad

ජනාධිපති අනුර චීනය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක සිව්දින නිල සංචාරයක් සදහා චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ එම්.යූ – 232 දරණ ගුවන් යානයෙන් චීනයේ ෂැංහයි නුවර බලා ජනාධිපතිවරයා අද (13) පස්වරු 8.20ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බවයි තොටුපොළ දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපතිවරයා සමඟ මෙම නිල සංචාරය සදහ විජිත හේරත් සහ බිමල් රත්නායක යන අමාත්‍යවරුන් ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.

චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ආරධනාවක් මත ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?