ජනාධිපතිවරණයේ දී අල්ලස් ලබාගැනීම් සහ බලය අයුතු ලෙස භාවිත කිරීම් ගැන පැමිණිලි

ජනාධිපතිවරණය ආසන්නයේ දී ඇතැම් මහජන නියෝජිතයන් විසින් අල්ලස් ලබාගැනීම සහ රාජ්‍ය බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂකයින් අවධානය යොමු කර තිබෙනවා.

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මේ වන විට මූලික වශයෙන් රාජ්‍ය බලය සහ දේපළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි 84ක් ලැබී ඇති බවයි.

එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 44ක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළා.

මීට අමතරව, ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 09ක් පොලිස් මෙහෙයුම් මැදිරියට ලැබී ඇති අතර, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 04ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 05ක් ඊට ඇතුළත්.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ද සැලකිය යුතු පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 320ක්.

ඉන් පැමිණිලි 103ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති අතර, ඉතිරි පැමිණිලි 214 ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13